― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙදආරච්චිගේ පුත්‍රයා හා ලේලිය රිමාන්ඩ්

වෙදආරච්චිගේ පුත්‍රයා හා ලේලිය රිමාන්ඩ්

අද (07) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිදිපත් කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ හෙට (08) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.

පසුගිය 01 වැනිදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මී හරින්දි ද සිල්වාට චෝදනා එල්ල වී තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මඟ හරිමින් සිටි ඔවුන් දෙදෙනා ඊයේ (06) පොලිසියට භාර වූ අතර අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනිණි.

ඔවුන් දෙදෙනා අධිවේගී මාර්ගයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ පසුගියදා සංසරණය විය.