31.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුගේ පරීක්ෂණ පක්ෂග්‍රාහියි

දේශබන්දුගේ පරීක්ෂණ පක්ෂග්‍රාහියි

මැයි 09 වැනිදා සිද්ධියට අදාළව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව අධිකරණයට නිරීක්ෂණය වන්නේ යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22) විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විමර්ශන නිලධාරියා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අධිකරණය නිරීක්ෂණය කළ බැවින් එම නිළධාරියා සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට එහිදී නියෝග කර තිබේ.