27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන හිඟයෙන් ආහාර අර්බුදයක් අත ළඟ

ඉන්ධන හිඟයෙන් ආහාර අර්බුදයක් අත ළඟ

ඉන්ධන හිඟය හේතුවෙන් වරායෙන් ආනයනය කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම බස්නාහිර පළාතට පමණක් සීමා කර ඇති බව සමස්ත ලංකා වරාය බහාලුම් ප්‍රවාහන සංස්ථාව (ACPCTC) පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල දැඩි ආහාර හිඟයක් පවතින බව එහි නායක සනත් මංජුල පෙන්වා දුන්නේය. ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට නොහැකි වීම නිසා වරායේ කන්ටේනර් ‍පෝටර්වරුන් ලබන සතියේ වැඩ වර්ජනයක නිරත වන බවද ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය ඉදිරි දිනවලදී රට තුළ උග්‍ර ආහාර හිඟයක් ඇති කිරීමට හේතු වනු ඇති බවද ඔහු සඳහන් කළේය.