32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාධ්‍යයට නොදුන් හිටපු විදුලිබල ලොක්කාගේ කතාව එළියට

මාධ්‍යයට නොදුන් හිටපු විදුලිබල ලොක්කාගේ කතාව එළියට

පසුගිය 23 වැනිදා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේ ලබාදුන් ප්‍රකාශයන්ට අදාළ වීඩියෝ පට ඊයේ (27) මාධ්‍යයට නිකුත් කළේය.

සාමාන්‍ය පරිදි කෝප් කමිටුව රැස්වූ දින හෝ ඊට පසුදින එහි වීඩියෝ පට මාධ්‍යයට නිකුත් කිරීම සිදුවුවද එදින විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සහභාගි වූ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් නොකිරීමට කටයුතු කර තිබිණි.

මීට පෙරද ඔහු කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබූ අතර එම ප්‍රකාශය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිපි පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔහු යළි කෝප් කමිටුවට කැඳවීය.

එහිදී විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පවසා ඇත්තේ තමන් තමන් ගැනම ලැජ්ජා වන බවයි.