― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්රෝ ගෑස් සමාගම හෙට කෝප් කමිටුවට

ලිට්රෝ ගෑස් සමාගම හෙට කෝප් කමිටුවට

ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල බළධාරීන් හෙට (05) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට නියමිතය.

අදාළ ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ ගෑස් අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී විමසනු ඇත.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ බළධාරීන් ලබන 06 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි..

රජයේ ගිණුම් කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාවද හෙට දිනයේදී රැස්වීමට නියමිත අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිළධාරීන් රජයේ ගිණුම් කාරක සභාව හමුවේත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රජයේ මුදල් කාරක සභාව හමුවේත් පෙනී සිටිනු ඇත.