26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ගැන රටවල් දෙකකින් දැඩි තීරණයක්

ශ්‍රී ලංකාව ගැන රටවල් දෙකකින් දැඩි තීරණයක්

බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය පුරවැසියන්ට අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

එම රටවල සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් මේ බව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඖෂධ, ගෑස්, ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බවත් විදුලි කප්පාදුව, විරෝධතා පැවැත්වීම්, හදිසියේ මාර්ග වසා දැමීම් සහ උද්ඝෝෂණ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන බව ඔවුන් දැනුම් දී ඇත.

මේ නිසාවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසට වැඩිදුරටත් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දැනුම් දී තිබෙනවා.