පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා නම වැනිදාට ජනතාවට කොළඹට පැමිණෙන ලෙසට ආරාධනා කරයි.අද 7 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ ආරාධනාව කරමින් පවසා සිටියේ දේශපාලනපක්ෂයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උපරිම දායකත්වය අරගලය සදහා ලබා දෙන බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි දැක්කා. ජනාධිපති අගමැති හිනාවෙවී ඉන්නවා.
සමාජ මාධ්‍යයේ පළ වුණා ග්‍රීසිය බංකොලොත් කියලා ප්‍රකාශ වුණ දවසේ ග්‍රීසියේ එවකට හිටපු මුදල් ඇමති ඉන්න විදිහ.
මේ පාලකයන්ට සුජාතභාවයක් නෑ. මුළු සමාජයම ගෝ හෝම් කියනවා. බල්ලෙක් වුණත් ගෝ කිව්වහම යනවා.
පඹයෝ යන්නෙ නෑ පඹයන් ව ගලවලා අයින් කරන්න ඕනේ. ගලවලා අයින් කරන වගකීම සමාජය ගන්න වෙනවා.
ජනාධිපති පාර්ලිමේන්තුවට ගියා හූ කියලා එළෙව්වේ
ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයා ව හූ කියලා එලවලා නෑ.
ඔහු විසින් පත් කරපු කිසිම කැබිනට් මණ්ඩල ඇමතිවරයෙක් ඒකට විරුද්ධව නැගී හිටියේ නෑ.
මහින්ද රාජපක්ෂගේ දේහ භාෂාව තිබුණේ මේක අනුමත කරලා.
පාර්ලිමේන්තුවෙන් එළියේ සමාජයේ හම්බවුනොත් කන පැලෙන්න ගහන තත්ත්වයක් තියෙන්නේ
ගහන එකට අර පක්ෂය සම්බන්ධයි මේ පක්ෂය සම්බන්ධයි කිය කිය එක එක්කෙනාට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ. මිනිස්සු අහන්නේ ගහන් නැත්තෙ ඇයි කියල.
නම වෙනිදා පාරට බහින මිනිස්සුන්ට එක එක කතා කියන්න ලෑස්ති වෙන්න එපා. පෙට්‍රල් ලීටර් තුන හතරක් ගන්න දවස් තුනක් පෝලිමේ ඉන්න ඕනා.
සතියක් කොළඹ ඉඳලා මුන්ව එලවනවා කියන එක නවත්වන්න බෑ.
මේ දවස්වල හමුදා කඳවුරුවල කැකිරි පිපිඤ්ඤා වට්ටක්කා ඇරෙන්න වෙන කිසිම එකක් කෑම එකේ නෑ කියලා සති ගාණක් තිස්සේ කියනවා. හමුදාවේ සොල්දාදුවෝ කියන්නේ.
තරු පටි ගහපු කටු ලෙවකන සෙට් එකක් ඉන්නවා ඒගොල්ලෝ තමා මිනිස්සුන්ට ගහන්නේ. ඒගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව හැමදාම තියෙන්නෙ නැහැ මේ ආණ්ඩුව ලබන සතිය වෙද්දි තියෙයිද කියල ෂුවර් නෑ. මේ ආණ්ඩුව රකින්න බොරුවට මිනිස්සුන්ට පයින් ගහන්න ඔය දේවල් වලට යන්න එපා . ගියොත් එහෙම වන්දි ගෙවන්න වෙන්නේ තනියම.
අපි ඔය ඔත්තු සේවාවල අයට කියනවා ඔයගොල්ලෝ මහජන බදු මුදලින් වැටුප් ගන්නේ ඒ නිසා ගෝඨාභයට ගිහිල්ලා ඇත්ත කියන්න බොරු කියන්න එපා.
ගෝඨාභය බංකරයක් අස්සෙ හැංගිලා ඉන්නවා. ඇත්තට මේ සමාජයේ මොනතරම් විරෝධයක් තියෙනවද කියලා කියන්න.
මුළු මිලියන 22 විරුද්ධ වෙලා ඉන්නේ බැහැලා යන්න කියන්නේ.
අපි ජනතාවට ආරාධනා කරනවා නම වැනිදාට කොළඹට එමු.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය උපරිම දායකත්වය දෙනවා අරගලයට. අපිත් මැදිහත් වෙනවා අරගලයට..


