― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය මුහුදු මාර්ගයෙන් රටින් පිටවීමේ උත්සාහයක

ගෝඨාභය මුහුදු මාර්ගයෙන් රටින් පිටවීමේ උත්සාහයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුහුදු මාර්ග ඔස්සේ රටින් පිටවීමට උත්සහ කළ බව AFP පුවත් සේවය වාර්තා කර තිබේ.

ගුවන්තොටුපළ හරහා මේ වන විට රටින් බැහැර වීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔහු යාත්‍රාවක් යොදාගෙන මුහුදු මගින් රටින් පිටව යාමට සලකා බලා ඇති බව එම පුවත් සේවය සඳහන් කර ඇත.

පසුගිය 09 වැනිදා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවස අත්පත් කර ගැනීමට මොහොතකට පෙර ජනාධිපතිවරයා නිවසින් පළා ගිය බවත් පසුව ඔහුට ඩුබායි බලා යාමට අවශ්‍ය වූ බව නිලධාරීහු පැවසූ බවත් AFP පුවත් සේවය පෙන්වා දී තිබේ.

ආගමන විගමන නිලධාරීන් ජනාධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රභූ මගීන්ගේ පර්යන්තයට යාම ‍ප්‍රතික්ෂේප කළ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් ජනාධිපතිවරයා ගුවන්තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තය භාවිත කිරීමෙන් වැළකී සිටි බව AFP පුවත් සේවය වාර්තා කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යා හැකිව තිබූ ගුවන් යානා හතරක් මග හැරුණු පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ රාත්‍රිය ගත කළේ බණ්ඩාරනායක ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසළ පිහිටි හමුදා කඳවුරක බව එම වාර්තා පෙන්වා දී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂගේ බාල සොහොයුරා වන බැසිල් රාජපක්ෂට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයෙන් එල්ල වූ විරෝධයෙන් පසු අද (12) අලුයම ඩුබායි බලා යාමට සිටි එමිරේට්ස් ගුවන් යානය මග හැරී ගියේය.

ඒ අනුව අද අලුයම 03.15ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ EK-349 දරන ගුවන් යානයට පිවිසීම සඳහා බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

එහිදී ‘සේද මාවත’ (Silk Route) අසළ එමිරේට්ස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළුවේ රැඳී සිටි ගුවන් මගීන්, බැසිල් රාජපක්ෂ ගුවන්තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් විරෝධය පළ කිරීමත් සමඟම ඔහු ගුවන්තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.