25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews18 වැනිදා රට පුරාම හර්තාල්

18 වැනිදා රට පුරාම හර්තාල්

ලබන 18 වැනිදා රට පුරා හර්තාලයක් සහ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් ඉදිරි පැය 24 ඇතුළත රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් හර්තාලයක් සහ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුව අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුම වී ඇති බවත් ජනතාව ව්‍යාකූල නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථානුකූල පිළිතුරක් අවශ්‍ය බවත් ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් අවශ්‍ය නොවන බවත් එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.