28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝලිම් ඉවත් කරනතුරු ඉන්ධන දෙන්නේ නෑ - ඇමති කංචන

පෝලිම් ඉවත් කරනතුරු ඉන්ධන දෙන්නේ නෑ – ඇමති කංචන

පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසළ ජනතාව රැඳී සිටින්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

දැනට මෙරටට ලැබෙමින් පවතින ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරීම ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා වාහන අංකයේ අවසාන අංකය අනුව දින ප්‍රකාශයට පත් කෙරෙන අතර සතිපතා ඉන්ධන කෝටාවක් සෑම වාහන හිමියෙකුටම සහතික කෙරෙන QR කේත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ.

මෙලෙස ඉන්ධන ගැටලුව විසඳීමට කටයුතු කෙරෙන අතරතුර ඇතැමුන් තවමත් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටීම ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.