― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමන්ත්‍රීවරුන්ට අනිසි බලපෑම්, තර්ජන කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

මන්ත්‍රීවරුන්ට අනිසි බලපෑම්, තර්ජන කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහසේ ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ අදාළ විමර්ශන පවත්වන ලෙසද ජනාධිපතිවරයා අදාළ ආරක්ෂක අංශ වෙත දුන් උපදෙස්වල සඳහන් වේ.

මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත යාමට හා ඒමට නිදහස තිබිය යුතු බවටත් පාර්ලිමේන්තුව තුළදී පවා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බවටත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් මෙන්ම තර්ජනයක් බවද අවධාරණය කර තිබේ.

අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අපේක්ෂකයන්ට ඡන්දය දී ගමට එන්න එපා යනුවෙන් සඳහන් ‘පෝස්ට්’ ප්‍රදර්ශනය කරමින් බලපෑම් කරන බවට තමාට පැමිණිලි ලැබී ඇතැයිද වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමේදී යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවද මන්ත්‍රීවරුන්ට අනිසි බලපෑම් සහ තර්ජන කරන්නේ නම් රටේ නීතිය අනුව දැඩිව ක්‍රියා කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමු කැබිනට් රැස්වීමේදී ද අමාත්‍යවරුන් හමුවේ පවසා ඇති බවද වාර්තා වෙයි.