27.2 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබෝට්ටුවෙන් රට යෑමට තැත් කළ 33ක් අත්අඩංගුවට

බෝට්ටුවෙන් රට යෑමට තැත් කළ 33ක් අත්අඩංගුවට

නීති විරෝධීව මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු මීගමුවට ඔබ්බෙන් වූ මුුහදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

නාවික හමුදාව පැවසුවේ, අද  අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාව සමග පිරිස අත්අඩංගුවට ගත් බවයි.

බහුදින ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් ඇතුළුව පිරිමි පුද්ගලයන් 19 දෙනකු, කාත්තාවන් 09 දෙනෙකු සහ ළමුන් 05 දෙනෙකු ද සිට ඇත. 

මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 18 ත් 65 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් ඇතුළු පිරිස හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. 

මේ අතර මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහ ජනතාව වෙත අවධාරණය කර සිටී.