― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෝලීය මන්කිපොක්ස් ආසාදිතයන් 18,000ක්

ගෝලීය මන්කිපොක්ස් ආසාදිතයන් 18,000ක්

ඇමරිකාවෙන් මන්කිපොක්ස් ආසාදිතයන් 3,800කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව අනාවරණය වී තිබේ.

මේ බව ප්‍රකාශ කර තිබුණේ එරට රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය විසිනි.

මෙම තත්ත්වය හමුවේ රට තුළ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනවාද යන්න සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බවද සඳහන් වේ. ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 18,000කට ආසන්නය. රටවල් 75කට ආසන්න සංඛ්‍යාවක මේ වනවිට මන්කිපොක්ස් වයිරසය පැතිරෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඇමරිකාවට පසු වැඩිම සංඛ්‍යාවක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙනි. එරටින් ආසාදිතයන් 3,100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව අතින් තුන්වැනි සහ හතරවැනි ස්ථානවල සිටින්නේ ජර්මනිය සහ එක්සත් රාජධානියයි. එම රටවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යා පිළිවෙළින් 2,350ක් සහ 2,200කි.

ඇමරිකාව තුළ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් ඇති තත්ත්වය යටතේ එය මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මෙම කටයුතු ධවල මන්දිරයේ සිට අධීක්‍ෂණය කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ නිලධාරියකු පත් කිරීමට නියමිතය.