31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsSSP රොමේෂ් ලියනගේට කොළඹින් පිටට මාරුවීමක් දෙන්න

SSP රොමේෂ් ලියනගේට කොළඹින් පිටට මාරුවීමක් දෙන්න

මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් විමර්ශන අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේට කොළඹින් පිට මාරුවීමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.

අදාළ නියෝගය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව කොමිසමේ සභාපති විශ්‍රාමික ‍‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

දැනට මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබන අතර මානව හිමිකම් කොමිසම අවාධරණය කරන්නේ එම විමර්ශන ස්වාධීන හා අපක්ෂපාති විය යුතු බවයි.