30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැට්ටා ඇප මත නිදහස්

රැට්ටා ඇප මත නිදහස්

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඊයේ (02) ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය.

පසුගිය මැයි 21 වැනිදා කොටුව බැංකු මාවත ප්‍රදේශයේදී පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝණය කළ බව පවසමින් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහු ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.