26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳුකර කොටියාගේ මිය යාම ගැන විමර්ශනයක්

කඳුකර කොටියාගේ මිය යාම ගැන විමර්ශනයක්

හැටන් – සමර්හිල් වතුයායේදී මරණයට පත් කඳුකර කොටියාගේ මරණය සිදු වූ ආකාරය සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

දඩයක්කරුවෙකු ඇටවූ මන්දකට හසුවී සිටි මෙම කඳුකර කොටියා අසළ තිබූ ගසකට නැඟ සිටියදී මන්ද එම සත්වයාගේ ඉණ ප්‍රදේශයෙන් තද වී තිබෙනවා. කෙසේ වෙතත් ගස උඩ සිරව සිටි සත්වයා ගසෙන් බිමට ගැනීමට වනජීවි නිලධාරින් විවිධ උත්සාහයන් ගත්ත ද ඒවා සාර්ථක වී නැහැ.

ඒ අනුව අවසානයේ වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළමින් සත්වයා බිමට ගැනීමටයි අවසානයේ කටයුතු කළේ. කෙසේ වෙතත් ගස කපා බිම හෙලීමත් සමඟ ඊට යට වී එම සත්වයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කරන කරන ලෙසත්, අදාල නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම සත්වයා මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් එම වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් සඳහා අද (08) දිනම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් – සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමටයි කටයුතු කර ඇත.