26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"ගෑස් අඩු කළාට පස්සෙ තමයි බත්, කොත්තු, රයිස් මිල අඩු කරන්නේ"

“ගෑස් අඩු කළාට පස්සෙ තමයි බත්, කොත්තු, රයිස් මිල අඩු කරන්නේ”

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ යාමත් සමඟ ආහාර පාන වර්ග කිහිපයක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගිය 06 වැනිදා සඳහන් කළේය.

එම සංගමයේ සභාපති අසේල සම්පත් එහිදී සඳහන් කළේ මෙලෙස පහත දමන මිල ගණන් සම්බන්ධයෙන් අද (08) දිනයේදී දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් මෙම මිල ගණන් සම්බන්ධයෙන් සිදු කෙරෙන දැනුම්දීම හෙට (09) දිනය දක්වා කල් දැමුණු බවයි අප කළ විමසීමකදී ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (08) දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ආහාර පානවල මිල අඩුවීම සම්බන්ධව තීරණය කරන බවයි.

ගෑස් මිල අඩුවීමේ වාසියත් වක්‍රාකාරව පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු අප කළ විමසීමේදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ යාම හේතුවෙන් බත් පැකට්ටුවක, කොත්තුවක, කිරි තේ සහ ප්ලේන්ටි ඇතුළු තවත් ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහත දැමීමට ආපනශාලා හිමියන් සූදානමින් සිටිනවා.