28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිමියාවේ ආයුධ ගබඩාවක ගින්නක්

ක්‍රිමියාවේ ආයුධ ගබඩාවක ගින්නක්

රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ පිහිටි ආයුධ ගබඩාවක ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිපිරීමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. ක්‍රිමියාවේ පිහිටි ‘සාකි’ හමුදා කඳවුර තුළ පිහිටි ආයුධ ගබඩාවක් මෙසේ පුපුරා ගොස් තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෙම පිපිරීම පිටතින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවත් ගුවන්යානා උණ්ඩ පුපුරායාමක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවත්ය.