27.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවෙකු ඇළට විසි කළ ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට

දරුවෙකු ඇළට විසි කළ ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට

වයස අවුරුදු 08ක දරුවෙකු ඇළ ඉවුරක සිට අලියෙකු නාවන අයුරු බලා සිටියදී පොල්ගහවෙල, උඩපොළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා ඉවුර දෙසට බීමතින් පැමිණ දරුවා ඔසවා ඇළට විසි කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා ඇළට විසිකිරීමෙන් දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට පොලීසියට පැමිණිල්ලක්ද ලැබී තිබේ.

එම පැමිණිල්ලට අනුව වයස අවුරුදු 54ක් වූ අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද (18) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.