25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව කැළඹූ ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවට නන් දෙසින් විරෝධය

ලොව කැළඹූ ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවට නන් දෙසින් විරෝධය

36 හැවිරිදි වියේ පසුවන ෆින්ලන්ත අගමැතිනි සන්නා මරින් පිරිසක් සමඟ සාදයක විනෝද වෙමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් සම්බන්ධයෙන් මේ වනව්ට ලොව පුරා අවධානය යොමුව තිබෙනවා.

අදාල වීඩියෝව ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබූ අතර එය මේ වන විටත් එය බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆින්ලන්ත අගමැතිනි තම මිත්‍ර මිතුරුයන් පිරිසක් සමඟ විනෝද වෙමින් සිටින අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙන අතර බෝහෝ දෙනෙකු චෝදනා කරන්නේ එම අවස්ථාවේදී ඇය මත්ද්‍රව්‍ය භාවිත කර සිටි ඇති බවටයි.

කෙසේ වෙතත් අදාල චෝදනාවන්ට පිළිතුරු දෙමින් සන්නා මරින් පවසන්නේ තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවත්, එම අවස්ථාවේ දී මත්පැන් පමණක් පානය කර සිටි බවයි.

ලොව ලාබාලතම අගමැතිනිය වන සන්නා මරීන් සංගීත උත්සවවලට බහුලව සහභාගී වීම පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදීම දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වූණා.