26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews22ට විරුද්ධව මන්ත්‍රීවරුන් 80කගෙන් පෙත්සමක්

22ට විරුද්ධව මන්ත්‍රීවරුන් 80කගෙන් පෙත්සමක්

22 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකුට ආසන්න පිරිසක් ජනාධිපතිවරයාට පෙත්සමක් භාර දීමට කටයුතු කරගෙන යයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්ති සංශෝධනය නොකළහොත් එකී පනත් කෙටුම්පත පිළිබඳ පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගි නොවන බවට ඔවුන් මෙමගින් දැනුම් දීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මෙන්ම ස්වාධීන මන්ත්‍රිවරු පිරිසක්ද මෙම පෙත්සම කිරීමේ කටයුත්තේ නිරත වී සිටී.ඔවුන් ඉල්ලා සිටින්නේ දැනට පවතින ව්‍යවස්ථාවේ තිබෙන වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වෙනස් කළ යුතු බවයි.

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත ව තිබෙනවා.