― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආනයනය තහනම් කළ භාණ්ඩ වර්ග මෙන්න

ආනයනය තහනම් කළ භාණ්ඩ වර්ග මෙන්න

ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින්භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව මුදල් අමාත්‍යාංශය විසින් අතහිටවනු ලැබුවා.

එසේ ආනයනය තාවකාලිකව අත්හිටවු ද්‍රව්‍ය අතර ජලය, යෝගට්, චොකලට්, පොල්, දියර පොල්කිරි, පොල් මගින් නිෂ්පාදිත අරක්කු, ධාන්‍යමය ආහාර සහ කජු ඇතුළත් වන අතර කාන්තා හා පිරිමි නිමි ඇඳුම්, කාන්තා හා පිරිමි යටඇඳුම්, කාන්තා හා පිරිමි රාත්‍රී ඇඳුම් වර්ග, ළමා ඇඳුම්, පිහිනුම් ඇඳුම්, ටයි වර්ග, ශීත කබා, ජැකට් වර්ග, පාවහන්, හිස්වැසුම්,ආරක්ෂිත හිස්වැසුම්, කුඩ, රබර් අත්පැළඳුම්, හම් ආශ්‍රිත නිෂ්පාදන ද ඇතුළත්. සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා මෙවලම් උපාංග, ෂැම්පු වර්ග, වැසිකිලි ආශ්‍රිත සනීපාරක්ෂක ද්‍රව්‍ය එමෙන්ම රැවුල කැපීමේ උපාංග, කොණ්ඩා සැකසුම් උපාංග, අව් කණ්නාඩි, අත්ඔරලෝසු වර්ග, සංගීත භාණ්ඩ, සැරසිලි සඳහා යොදාගන්නා විදුලි බුබුලු ඊට අයත් වනවා.

බෝනික්කන්, ට්‍රයිසිකල් ඇතුළු රෝද සහිත සෙල්ලම් භාණ්ඩ හා උත්සව සැරසිලි ද ආනයනය තහනම් කළ භාණ්ඩ අතරයට අයත් වෙයි.ටයිල්, ගඩොල්, සෙරමික් වර්ග හා බැටරි වර්ග ද සෙරමික් පයිප්ප, වැහිපීලි, මුළුතැන්ගෙයි උපකරණ, පිහි, මේස උපකරණ, ඉබි යතුරු, පොම්ප වර්ග හා බේකරි විදුලි උඳුන් ද ආනයනය තහනම් කර තිබෙනවා.

ඉදිකිරීමේ මෙවලම් කෘෂිකර්මාන්තයේදී බිම් සකස් කිරීමට යොදාගන්නා යන්ත්‍රසූත්‍ර, පශු සම්පත් නිෂ්පාදනයේදී යොදාගන්නා යන්ත්‍රසූත්‍ර, මුද්‍රණ කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්‍රසූත්‍ර, රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්‍රසූත්‍ර, ජලනළ උපාංග ද ආනයනය අත්හිටවු ද්‍රව්‍ය අතරට අයත් වනවා.