― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොහොට්ටු මන්ත්‍රීගේ නිවසේ විදුලි බිල කපලා

පොහොට්ටු මන්ත්‍රීගේ නිවසේ විදුලි බිල කපලා

රුපියල් බිලියන හතරහමාරක පමණ ගෙවීම පැහැරහැර ඇති ලොක්කන්ගේ විදුලි බිල්පත් ගැන නොතකා තමා ඇතුළු පහළ පන්තියේ සාමාන්‍ය මිනිසුන්ගේ බිල්පත් පසුපස යමින් විදුලිබල මණ්ඩලය අසාධාරණ විදුලි කප්පාදුවක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) මාතර පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

මගේ නිවසේ විදුලි බිල් ගෙවන්න බැරිව සතියයි ගත වුණේ. විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ල මගේ නිවසේ විදුලිය විසන්ධි කරල ගියා. බොහො ම අමාරුවෙන් ඊට පස්සේ එම විදුලි බිල ගෙවලා තමයි සම්බන්ධතාව ගන්න වුණේ. බොහො ම අමාරුවෙන් විදුලි බිල දාලා ආපහු වැලිගමට ගිහිල්ලා ලොකු රවුමක් ගිහිල්ල තමයි විදුලිය ගත්තේ. විදුලිය කපන්න එන කෙනාට ඒ ඕඩරය හම්බ වුණා ම එයා කපල යනවා. සාමාන්‍ය මිනිස්සු හැමෝට ම ඒ සෙත එහෙමම තමයි.

මේ මිලියන 4,500 විදුලි බිල ගෙවන්නේ නැත්තේ කවුද? ඉහළ පන්තියේ මිනිසුන් සහ ආයතනත් ඉහළ දේශපාලනඥයෝ විය යුතුයි මේ මිලියන හාරදාස් පන්සීය නොගෙවන අය. අහිංසක මිනිසුන්ගේ ලයිට් බිලට සීයට 275ක් එකතු කරනවට වඩා අර මිනිසුන්ගෙන් සල්ලි ටික එකතු කරගන්න එක මේ මොහොතේ කළ යුත්තක් නොවේ ද? අනෙක් පැත්තෙන් විදුලිය නිෂ්පාදනය සඳහා යන වියදම වැඩිවෙලා තියෙනවා. අලුත් විදුලිය උත්පාදනය කරන ක්‍රමවේදයන් සහ ජාතික පද්ධතියට විදුලිය ජනනය වන ක්‍රමවේද සියල්ල ම අත්හැරල දාල තමයි මේක අල්ල ගන්න පුළුවන් පහළ ම තැන සාමාන්‍ය මිනිසුන්ගේ බොටුවෙන් අල්ලලා මේ ප්‍රශ්නේ විසඳගන්න හදන්නේ?

ඒ වගේ ම අනෙක් පැත්තෙන් පෙරේදා ගැසට් එක එනවා වතුර බිල සම්බන්ධ කාරණාව. සැප්තැම්බර් පළමු වන දා ඉඳලා ජල බිලත් මේ හා සමානව වැඩිවෙමින් තියෙනවා. ඒකත් ජල ඒකක අඩු ම ප්‍රමාණයක් භාවිත කරන මිනිසුන් තමයි තවදුරටත් පීඩාවට පත්වෙන්නේ මේ ක්‍රමයෙන්. ලයිට් නැතිව නම් කොහොමහරි ඉන්න පුළුවන් වේවි. ජලය කියන්නේ අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය දෙයක්. වතුර බිල වගේ ම විදුලි බිලත් යම් ප්‍රමාණයකට වැඩි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා, හැබැයි වැඩි කරන්න ඕන ක්‍රමවේදයන් වැඩි කරන්න කලින් ඒ ආයතනවල තියෙන වංචා, දූෂණ සහ එම ආයතනවල තියෙන නාස්තිකාර මුදල් ටික නොකපා පුළුවන් පහළ ම තැනින් අහිංසක මිනිසුන්ගේ බෙල්ලෙන් අල්ලලා හිර කරන එක තමයි මේ කරන්නේ. ඒක නිසා මේ හැම ක්‍රියාමාර්ගයකින්ම නැවත වතාවක් පීඩනයට පත් වෙන්නේ මීට මාස කිහිපයක සිට ම පීඩාවට පත්වූ පහළ පන්තියේ පහළ ස්ථරයේ මිනිස්සු.