― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය නළු KRK අත්අඩංගුවට

ඉන්දීය නළු KRK අත්අඩංගුවට

ඉන්දීය නළුවෙකු වන KRK ලෙස හඳුන්වන ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය ඉන්දීය නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන්ට එරෙහිව 2020දී අවමන් සහගත ට්විටර් පණිවිඩ පළකිරීම සහ තම යූටියුබ් නාලිකාවේ එවැනි අදහස් දැක්වීම සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගෙන තිබේ.

මුම්බායි ගුවන්තොටුපළේදී මොහු එලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර මොහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.