― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට ජල කප්පාදුවක්

කොළඹට ජල කප්පාදුවක්

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට සැප්තැම්බර් 3 වැනිදා පෙරවරු 8 සිට සැප්තැම්බර් 4 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන අතර බොරලැස්ගමුව, කොළොන්නාව සහ කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ සඳහාද මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.