― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් පෙට්‍රල් නැවක් දිවයිනට

තවත් පෙට්‍රල් නැවක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,500ක් රැගත් නෞකාවක් ඊයේ (31) රාත්‍රීයේ දිවයිනට සේන්දු වී තිබේ.

එහි තොග ගොඩබෑම අද ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය. එමෙන්ම අද සිට සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවෙන් පෙට්‍රල් නිකුත් කිරීම ආරම්භ කරන බව එහි නිලධාරීයෙක් ප්‍රකාශ කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ දෛනිකව ඩිසල් මෙට්‍රික්ටොන් 4000 ක් හා පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.