33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කෙරේ

වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කෙරේ

ඊයේ (01) රාත්‍රියේදී මිද්දෙණිය සතොස්මාතාගම ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47ක් වන සතොස්මාතාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මරණකරු යතුරු පැදියකින් සිය බිරිඳගේ ඥාතියකුගේ නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔහුගේ නිවස ආසන්නයේ සතොස්මාතාගමට හැරෙන හන්දියේදී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩිතබා පලාගොස් ඇති අතර තුවාලකරු තලාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.