31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් ගෙවා ගෑස් ගන්න අලුත් ක්‍රමයක්

ඩොලර් ගෙවා ගෑස් ගන්න අලුත් ක්‍රමයක්

විදේශ රටවල සිටින පුද්ගලයින්ට ජංගම දුරකතන හරහා ඩොලර්වලින් ගාස්තුව ගෙවා ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන්ට ලිට්‍රෝ ගෑස් යැවීමට අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ නිවාසවලට ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ හරහා ඕනෑම පුද්ගලයෙකුට මෙම ඇප් එක හරහා ගාස්තු ගෙවා තම නිවසටම ගෑස් ලබා ගත හැක. මෙම යෙදුම ලබන සතියේ සිට දියත් කෙරේ.

මෙය රටේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් වනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත්ත පීරිස් පවසයි.