25 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැංකු කාඩ්පත්වලින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

බැංකු කාඩ්පත්වලින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු බැංකු කාඩ්පත් තුළින් රුපියල් ලක්ෂ 20ක් පමණ මුදලක් වංචා කළ පුද්ගලයෙකු කඩුවෙල පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු කලක පටන් මෙම වංචාව සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

කඩුවෙල, නවගමුව සහ මාලඹේ වැනි ප්‍රදේශවල ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට සිටින පුද්ගලයාට තම කාඩ්පත ඇතුළු කිරීමට නොහැකි ලෙස යන්ත්‍රය සිරකර පසුව ඔවුන්ට උදව් ලබාදෙන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු අද (08) කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.