― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් නැති නිසා තෙල් නැව් 03ක් කොළඹ වරායේ සිරවෙයි

ඩොලර් නැති නිසා තෙල් නැව් 03ක් කොළඹ වරායේ සිරවෙයි

ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබේ.

මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙම නෞකා තුන වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති අතර මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය 23 වැනිදා සිට නැංගුරම්ලා ඇත්තේ කොළඹ වරාය පිටතයි.

තවත් ඩීසල් නෞකා දෙකක් කොළඹ වරායේ මේ වනවිට දින ගණනාවක සිට නැංගුරම් ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම නෞකා තුළ මෙට්‍රික් ටොන් 76,000ක ඩීසල් ප්‍රමාණයක් අඩංගු වන අතර කඩිනමින් ඒ සඳහා මුදල් ගෙවීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.