26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලුමුවදොර ගොඩනැගිලිවලට ලක්ෂ 60ක හානියක්

ගාලුමුවදොර ගොඩනැගිලිවලට ලක්ෂ 60ක හානියක්

විරෝධතාකරුවන් විසින් ගාලුමුවදොර පිහිටි ගොඩනැගිලිවලට රුපියල් ලක්ෂ 60ක අලාභ හානි සිදුකර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජනතා ප්‍රයෝජනය සඳහා පිහිටුවා ඇති වෙළෙඳසැල්, බංකු, තාප්ප ඇතුළු අනෙකුත් ව්‍යුහයන්ට සිදුවී ඇති හානිය තක්සේරු කිරීමේ නිරීක්ෂණ චාරිකාවකදීය.

හානියට පත් වෙළඳසැල් අලෙවිකරුවන්ට ලබාදීමට පෙර ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ පිරිවැය වරාය අධිකාරිය විසින් දැරිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.