27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදු මාර් ගයෙන් රට පැන්න 26ක් අත්අඩංගුවට

මුහුදු මාර් ගයෙන් රට පැන්න 26ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර් ගය ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ ඊයේ සහ අද නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.

එම ඩිංගි යාත්‍රවේ ක්‍රියාකරුද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දොළොස් දෙනෙක්, කාන්තාවන් හතරක් සහ වයස අවුරුදු 18 ට අඩු ළමුන් පස්දෙනෙක් ඇතුළු පුද්ගලයන් 21 දෙනෙක් ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.