28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර් ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්ෂ 60ක්

පාර් ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්ෂ 60ක්

පාර් ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60ක් පමණ වන බව අද (20) අනාවරණ වී තිබෙනවා.

පාර් ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර පාර් ලිමේන්තුවේදී පැවති ප්‍රශ්නෝත්තර සැසියේදී මේ බව අනාවරණය විය.

එහිදී මාන්නපෙරුම සඳහන් කළේ පාර් ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 60ක් බවත් එය අඩු කිරීමට නම් සූර් ය කෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවත්ය.

ලක්ෂ 60ක විදුලි බිල ගෙවීම වෙනුවට සූර් ය බලශක්ති පද්ධතියක් ඇති කිරීම හොඳම තීරණය බව අමාත්‍ය කාංචන විජේසේකර පාර් ලිමේන්තුවට පිළිතුරු දුන්නේය. එහෙත් ඔහු කියා සිටියේ තම අමාත්‍යංශයට ඒ සඳහා ගෙවීම් කළ නොහැකි බව හා අවශ්‍ය නම් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දිය හැකි බවයි.