25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපෝෂ ආරවුල නිසා ප්‍රධාන පෙළේ සමාගම් 3කට නඩු

ත්‍රිපෝෂ ආරවුල නිසා ප්‍රධාන පෙළේ සමාගම් 3කට නඩු

නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ත්‍රිපෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් 06කට අද (22) සිතාසි නිකුත් කළේය.

ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය ලබා දුන්නේය.

ගොතටුව වෛද්‍ය නිලධාරි කාර් යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. ඒ. එස්. කසුන් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස සිතාසි නිකුත් කළේය