26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර් ලිමේන්තුවේ කෑම විෂ වී දෙදෙනෙක් රෝහලට

පාර් ලිමේන්තුවේ කෑම විෂ වී දෙදෙනෙක් රෝහලට

පාර් ලිමේන්තු පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ (22) දහවල් මාළු විෂවීමෙන් දැඩි ලෙස රෝගාතුරවීම නිසා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට පාර් ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව දෙදෙනා ගිලන් රථයකින් පොලිස් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

පාර් ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ තනිකඩ නිවස්නයට එහි ආපනශාලා අංශයෙන් ඊයේ දහවල් සපයා තිබූ මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව නිලධාරීන් දෙදෙනා මෙසේ අසාධ්‍ය තත්වයට පත්ව ඇත.

පොලිසියට ලබාදුන් මාළු නරක් වී ඇති බව දැනගන්නට ලැබීමෙන් පසු ආපනශාලා අංශය එම මාළු ඉවත්කර දිවා ආහාරය සඳහා සැමන් පිළියෙළ කර ඇති අතර මේ හේතුවෙන් පාර් ලිමේන්තුවේ සමහර අංශවලට ඊයේ (22) දහවල් ආහාර සැපයීමද ප්‍රමාද වී තිබේ.