― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර ඔප්පුවක් සාදා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

හොර ඔප්පුවක් සාදා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස්කර ඉඩමක් විකුණා මුදල් වංචාවක් සිදු කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය රාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බව පොලිසිය පව්සයි.

මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකාරිය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩවත, රන්මුතුගල ප්‍රදේශයේ පිහිටි රුපියල් 13,400,000ක් වටිනා ඉඩමක් ලබාදෙන බව පවසා ව්‍යාජ ඔප්පුවක් සකස් කර එම ඉඩම රුපියල් 6,700,000ක මුදලකට විකුණා මොවුන් මෙම මුදල් වංචාව සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරයි.