26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 09 වැනිදා සිදුවීම්වලට අදාළ කමිටු වාර් තාව පාර් ලිමේන්තුවට

මැයි 09 වැනිදා සිදුවීම්වලට අදාළ කමිටු වාර් තාව පාර් ලිමේන්තුවට

දිවයින පුරා පසුගිය මැයි 09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර් තාව ඉදිරියේදී පාර් ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අමතමිනි.

මෙම කමිටුවේ වාර් තාව අනුව ආරක්ෂක අංශවල යම් අඩුපාඩු සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බවත් එම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර් තාව පසුගිය 08 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවත් කියා සිටියේය.