31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු නඩුව ගැන තීන්දුවක්

පාස්කු නඩුව ගැන තීන්දුවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයට දින නියම විය.නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණේ පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබාදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

අද (03) එම නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර දැනුම්දුන්නේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම්වලට අදාළව විරෝධතා ගොනුකරන බවයි.

පසුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය නොවැම්බර් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.