― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගන්න ඩොලර් නැහැ - කංචන විජේසේකර

ඉන්ධන ගන්න ඩොලර් නැහැ – කංචන විජේසේකර

බොරතෙල් මිලදී ගැනීමට ඩොලර් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබේ.

අමාත්‍ය කාංචන විජේසේකර අද (07) පාර් ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා ඩොලර් සැපයුම තහවුරු කර ඇති අතර ප්‍රමාණවත් ඩොලර් ලැබුණු පසු ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබස්වන බවද ඇමැතිවරයා කීය.