― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදයාසිරිට එරෙහිව සිපෙට්කෝ නඩු මගට

දයාසිරිට එරෙහිව සිපෙට්කෝ නඩු මගට

පාර් ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉන්ධන ආනයනය පිළිබඳව සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එසේම දයාසිරි ජයසේකරට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ග ගන්නා බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශය සහ සියලු කරුණු අසත්‍ය, පදනම් විරහිත මෙන්ම සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ප්‍රකාශයක් බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සංස්ථාව ඉන්ධන ආනයනයේදී සැමවිටම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන අතර ප්‍රමිතිය තහවුරු කර අවම මිල ගණන් ඔස්සේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එලෙස සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී දයාසිරි ජයසේකරට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බවත් පසුගිය දිනවල සිදු කළ මෙවැනිම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙරටට පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ආනයනය කිරීමට ඉදිරිපත් නොවූ කොරල් එනර් ජි ඩී.එම්.සී.සී. නම් පෞද්ගලික සමාගම වර් තමාන අමාත්‍යවරයා පත් වීමත් සමග මෙරටට තෙල් ගෙන ඒමට කටයුතු කළ බවත් එම සමාගමට මුල්කාලීනව ලියාපදිංචියක් හෝ නොතිබූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙරේදා (05) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.