31.1 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරහසක් නොවන කරුණක් ජනපති හෙළිකරයි

රහසක් නොවන කරුණක් ජනපති හෙළිකරයි

තමන් ජනාධිපති ධුරයට පත්වීමට ආණ්ඩු පක්ෂයේ සහයෝගය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම නොරහසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවැති විශේෂ හමුවකට එක්වෙමින්.

පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එවන් පසුබිමක විපක්ෂය තවදුරටත් පාර්ලිමේන්තු ජාතික සභාව සහ අධීක්ෂණ කමිටු වෙත ඔවුන්ගේ මැදිහත්වීම සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ