31.1 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රීලනිපයේ සියලුම සංවිධායකවරුන්ට විශේෂ කැඳවීමක්

ශ්‍රීලනිපයේ සියලුම සංවිධායකවරුන්ට විශේෂ කැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් අද (10) දිනයේ කොළඹට කැඳවා ඇති බව වාර්තා වනවා.

නිදහස් පක්ෂ සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (10) පස්වරු 2.00ට පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

පක්ෂය ඉදිරියට ගෙන යෑම සහ ඉදිරි මාස තුන ඇතුළත පක්ෂය යළි ප්‍රතිසන්ධාන ගත කිරීම යන කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීරිපාල සිරිසේන විසින් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් අනතුරුව සංවිධායකවරුන් කැඳවූ පළමු අවස්ථාව ද මෙය වනවා