30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝප් කමිටුවේ වාර්තා ගැන ඉදිරියේදී හෙළි කරනවා - රංජිත් බණ්ඩාර

කෝප් කමිටුවේ වාර්තා ගැන ඉදිරියේදී හෙළි කරනවා – රංජිත් බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කෝප් කමිටුවේ සභාපති ධුරය දැරූ කාලයේදී හෙළි කළ දූෂණ වංචා සිද්ධීන් පිළිබඳව ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන බව කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර පැවසීය.

ඊයේ (11) මහනුවර – උඩුනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම කෝප් කමිටුව සතු බලතල තවදුරටත් පුළුල් කෙරෙන බවත් ඉදිරියේදී සම්මත කෙරෙන නෛතික රාමුවක් මඟින් කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිවරයා සහ අදාළ පාර්ශව වෙත දැනුම්වත් කිරීමේ හැකියාවක් ලැබෙන බවත් සභපතිවරයා වැඩිදුරටත් අවධරාණය කළේය.