28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ආයතන 05ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

තවත් ආයතන 05ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

කෝප් කමිටුව හමුවට තවත් ආයතන පහක ප්‍රධානීන් කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි දිනවලදී ලංකා ධීවර සංස්ථාව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල යන ආයතනවල ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

එමෙන්ම කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා සිටියේ කෝප් කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිවරයා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමට තීරණය කර ඇති බවයි.