― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරාජ්‍ය ආදායම වැඩිකර ගත හැකි එකම මඟ බදු වැඩි කිරීම නෙවෙයි

රාජ්‍ය ආදායම වැඩිකර ගත හැකි එකම මඟ බදු වැඩි කිරීම නෙවෙයි

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති එකම මඟ බදු වැඩි කිරීම පමණක් නොවන බවත් ඒ වෙනුවට පැන්ඩෝරා පත්‍රිකා හරහා නම් සඳහන් පුද්ගලයින් සතුව ඇති ඩොලර්ද ගෙන්වාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘සක්වල වැඩසටහන’ හරහා ලබාදෙන 36 වන බස් රථය ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලට පරිත්‍යාග කිරීම අද (14) සිදුවිය.

එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකශ කළේය.

“ආණ්ඩුව ආර්ථිකයෙන් මෙන්ම අදහස් අතිනුත් බංකොලොත්. කබලෙන් ලිපට වැටී ඇති ජනතාවට අලුත් බදු බරක් පැටවීම ආණ්ඩුව කටයුතු කොට තිබෙනවා. ජනතාවගේ කරමත අසීමිත පීඩනයක් පටවන අරුම පුදුම බද්දක් බවට මෙය පත්වෙලා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති එකම මඟ බදු වැඩි කිරීම පමණක් නෙවෙයි. ඒ වෙනුවට ආණ්ඩුවට පුළුවන් පැන්ඩෝරා පත්‍රිකා හරහා නම් සඳහන් පුද්ගලයින් සතුව ඇති ඩොලර් මෙරටට ගෙන්වා ගන්න. දේශපාලන ලකුණු වෙනුවෙන් අරගල කරනවා වෙනුවට අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි.”