― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅපි දෙන්නම් කිරි ඇතිවෙන්න - පැල්වත්ත සභාපති

අපි දෙන්නම් කිරි ඇතිවෙන්න – පැල්වත්ත සභාපති

කිරි නෑ කියා දෙයක් නොමැති බවත් ඇති තරම් කිරි දිය හැකි බවත් පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක පැවසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) අනුරාධපුර, කැකිරාව, මරදන්කඩවල ප්‍රදේශයේදී පැල්වත්ත කිරි සමාගමෙහි 15 වැනි අලෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ කර්මාන්තය දියුණු කරන්නේ මේ රටේ දූ දරුවන් වෙනුවෙන්, අපි මේ කර්මාන්ත ශාලාවක් හැදුවේ කාගෙන් හරි පිටරට සමාගමකට භය වෙලා, කිසිම දේශපාලන පක්ෂයකින් අපිට උදව් කලේ නෑ. මම තනි අතේ හයියෙන්, අතේ නියපොතුවලින් අන්තිමට එල්ලිලා හිටියා. දැන් ඔයගොල්ලන්ගේ දරුවන්ට රහට ගුණට කිරි පිටි ටික ගන්න මෙතන තියෙනවා.

පරම්පරා ගණනක දරුවන්ට අනාගතයට විදේශ විනිමය හම්බ කරන්න මේ කර්මාන්තශාලාවට පුලුවන්. අද වෙනකොට කරගන්න දෙයක් නැතිව ටොන් ගානක් බටර් තියෙනවා අපේ කර්මාන්තශාලාව ඇතුලේ, අපිට ඊට වඩා හදන්න පුලුවන්, මේ නිකං කිරිවලින් අයින් කර ගන්න ටික විතරයි. අපි බටර් වලට විතරක් ගියොත් එහෙම කර ගන්න දෙයක් නැති වෙනවා. විදේශ විනිමය රටට හම්බ කරන්න කර්මාන්තයකට අපි යා යුතුයි.

එදාට තේ රට යවන සමාගම්වලට වගේ, පැලවත්තට අමුද්‍රව්‍යය දෙයි. ඔයගොල්ල නිෂ්පාදන අරගෙන දරුවට පිරිසිදු කිරි පිටි ටිකක් දෙයි. අපි ගාව ටොන් 12 -15 ක් වගේ අතිරික්තයක් බටර් තියෙනවා. හරි නම් අපි ඒක පිටරට යවන්න ඕනේ. එහෙම කෙරුවා නම් අපිට විදේශ විනිමය හම්බෙනවා. ඒ හරහා අපිට තෙල් ගන්න පුලුවන්.

මේ වන විට මුළු ලංකාවේම කිරි ගොවින්ට මිලියන 3000ක් අපි හැම මාසෙම ගෙවනවා. මං විතරක් නෙමෙයි සියලු කිරි නිෂ්පාදකයින් එකතු කරලා මේක මිලියන 6000ක් දක්වා වැඩි කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ කිරි ගොවියාගේ ඒක පුද්ගල ආදායම ඒකෙන් වැඩිවෙන්නේ. ඒ නිසා රත්තරන් බිත්තර දාන කිකිළිගේ බෙල්ල කපන්නේ නැතිව රත්තරන් බිත්තර දාන්න දෙන්න. කිරි ගොවීන් ගේන ඕන තරමක් කිරි අපි ගන්නවා.

අද මට තියෙනවා ප්‍රශ්නයක් එන අවුරුද්දේ මාර්තු මාසය වන විට කිරි ගන්න තැනක් නැති වුණොත් කිරි බිමට හලන්න වෙනවා. ඒ නිසා එන මාර්තු වලට ඉස්සරලා කුරුණෑගල කර්මාන්තශාලාවක් හදලා එතන කිරිපිටි හදන්නම ඕන. ඒක ජාතික අවශ්‍යතාවක්. මේක රටට විදේශ විනිමය හොයන වැඩක්.අපෙන්‌ කිරි ගොවීන්ට ආධාර උපකාර, ණය පහසුකම් ලබා දෙනවා.

අපේ රටේ කෑම නෑ කියලා දෙයක් නෑ, අත හෙලෙව්වොත් කට හොලවන්න පුලුවන්, ලඟපාත වැවකට බිලී පිත්තක් දාලා මාලුවෙක් අල්ල ගන්න පුලුවන්. මගේ බලාපොරොත්තුවක් තියෙනවා වැව් මාළු ටින් කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. එක දවසකට ටොන් 25ක් නිෂ්පාදනය කරලා අතිරික්තය පිටරට යවන්න සැලසුම් කරනවා. කිරි නෑ කියලා දෙයක් නෑ, කිරි අපි දෙන්නම් ඇති වෙන්න.