31.1 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ජල කප්පාදුව අත්හිටුවයි

කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි

අද (22) රාත්‍රී 10.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ පැය 14ක ජල කප්පාදුව සිදු නොකිරීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අද (22) රාත්‍රී 10.00 සිට හෙට (23) මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය මීට පෙර දැනුම් දී තිබුණේ.

කෙසේවෙතත් සැලසුම්කර තිබූ ජල කප්පාදුව මේ වනවිට සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.