30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං දෙයක් කරන්න යද්දි කකුලෙන් අදිනවා – ඩයනා ගමගේ

මං දෙයක් කරන්න යද්දි කකුලෙන් අදිනවා – ඩයනා ගමගේ

සංචාරක ක්ෂේත්‍රයේ සිටින ඇතැම් නිලධාරීන් එහි දියුණුවට බාධාවක් බවත් තමන් දෙයක් කිරීමට යාමේදී කකුලෙන් ඇදීමට බලාගෙන සිටිනා බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (23) අදහස් දක්වමිනි.

එවැනි නිලධාරීන්ගේ මනස වෙනස් නොකළහොත් රට ගොඩගැනීමට නොහැකි වන බවත් ආර්ථික අර්බුදයක් පැවතීම හේතුවෙන් සංචාරක කර්මාන්තයේ සීග්‍ර දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

කෙසේනමුත් නොවැම්බර් හා දෙසැම්බර් මාසවල සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කරන බව සඳහන් කළ ඇය කියා සිටියේ මිනිසුන්ට කෑමට බීමට යෑමට ඒමට රටක නිදහසක් තිබිය යුතු බවයි.