33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක්

නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලයක් ක්‍රියාත්මක වන බවයි ආරක්‍ෂක අමාත්‍යංශය දැනුම්දෙන්නේ.

මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වේ.

ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.