27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල සිද්ධිය: අමරවීරගේ සහෝදරයාගේ පුතාට ඇප

යාල සිද්ධිය: අමරවීරගේ සහෝදරයාගේ පුතාට ඇප

යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට හිරිහැර වන අයුරින් රිය පැදවීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ.

ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබුණා.

මේ අතර සිද්ධියට තම පුතා සම්බන්ධ බවට එල්ල වන චෝදනාව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රතික්ෂේප කළා.

සිද්ධිය වූ දිනයේ තම පුත්‍රයා ගාල්ලෙන් ඔබ්බට ගමන් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් තමන් දේශපාලනයෙන් ඉවත් වන බවද ඔහු පවසා තිබීම විශේෂත්වයකි.